සාම්ප්රධායවාදීත්වයෙන් මිදී රට ජාතිය බේරාගැනීම වෙනුවෙන් කටයුතු කළ අභීත සඝ පරපුර අනුස්මරණය කෙරෙන ජාතික භික්ෂු දිනයට සමඟාමීව, ජාතික භික්ෂු පෙරමුණ විසින් සංවිධානය කර තිබූ ජාතික භික්ෂු දින සැමරුම හා සමරු සම්මන්ත්‍රණය ඊයේ(26) මාතර, නූපේ රුහුණු සංස්කෘතික මධ්‍යස්ථානයේදී භික්ෂූන් වහන්සේලා විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
කන්දබඩපත්තුව ඇතුළු මාතර පළාතේ ප්‍රධාන සංඝ නායක ජාතික භික්ෂු පෙරමුණේ සභාපති විශ්‍රාමලත් විදුහල්පති පූජ්‍ය හඳුගල රතනපාල නා හිමිපානන් වහන්සේ, ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමි, ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික සමන්ත විද්‍යාරත්න මහතා ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටිය හ.
https://www.facebook.com/bhikkhulanka1/videos/455642818618261/
Views: 0










