විජිත හේරත්, පොට්සිටියෙන් පීඩාවටපත් මීගමුවේ ධීවර ජනතාව හමුවෙයි

විජිත හේරත්, පොට්සිටියෙන් පීඩාවටපත් මීගමුවේ ධීවර ජනතාව හමුවෙයි

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඊයේ (25) පෝට්සිටි ව්‍යාපෘතියෙන් පීඩාවට පත් මීගමුව ධීවර ජනතාව මුනගැසී ඔවුන් මුහුණදෙන ගැටළු සම්බන්ධවෙන් සාකච්ඡා කර මුහුදු ඛාදනයට ලක්ව ඇති ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවකද නිතර විය.

පෝට්සිටිය ආරම්භයේ සිටම ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාර, සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය ඇතුළු ධීවර සංවිධාන සහ ධීවර ජනතාව, පරිසරවේදීන්, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පාර්ශව ගණනාවක් විසින් මෙහි පාරිසරික හානිය පෙන්වා දෙමින් එය විරෝධය පල කළ නමුත් එය ඉදිකිරීමේ තීරණය පැවති මහින්ද රාජපක්ෂ පාලනය විසින් ගන්නා ලදී.

එහෙත් පසුගිය 2015 ජනාධිපතිවරණයේදී එවකට ජනාධිපති අපේක්ෂක වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් 2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කණ්ඩායමත් දිගින් දිගටම මෙම පෝට් සිටියට විරෝධය පල කළ අතර තමන් බලයට පැමිණි වහාම මෙය නතර කරන බවද ඔවුන් සිය මැතිවරණ වේදිකාවලදී පුන පනා ජනතාවට පොරොන්දු විය.

කෙසේ නමුත් බලයට පැමිණි පසු ඔවුන් යලි සුපුරුදු ලෙස පෝට් සිටියේ ඉදිකිරීම ආරම්භ කළ අතර එයට ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාර, සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය ඇතුළු ධීවර සංවිධාන සහ ධීවර ජනතාව, පරිසරවේදීන්, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පාර්ශව ගණනාවක් විසින් මෙහි පාරිසරික හානිය පෙන්වා දෙමින් එයට යලිත් විරෝධය එල්ල කරන ලදී. නමුත් වත්මන් රනිල් – මෛත්‍රී පාලනයද මහින්ද රාජපක්ෂ පාලනය සේම ජනතා විරෝධය නොසලකා එය ඉදිකිරීමේ තීරණය ගන්නා ලදී.

මේ වනවිට පෝට් සිටිය ඉදිරිකිරීම කටයුතු බොහෝ ප්‍රමාණයක් අවසන්ව ඇති අතර එය ඉදිකිරීම සඳහා මුහුද ගොඩ කිරීම හේතුවෙන් එහි බලපෑම මීගමුව වෙරළ ආසන්න ගොඩ මිට මුහුදට බිලි වෙමින් තිබෙන අතර එය ධීවර ජනතාවගේ දෛනික ජීවිතවලට පවා දැඩි පීඩනයක් එල්ල කර තිබේ.

Facebook
Twitter
LinkedIn