මාතලේ මහනගර සභා රැස්වීම අතරතුර උණුසුම් තත්වයක්

මාතලේ මහනගර සභා රැස්වීම අතරතුර උණුසුම් තත්වයක්

අත්‍යාවශ්‍ය කරුණු කිහිපයක් සාකච්ඡා කිරීමට දේශපාලන පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් සිදුකර තිබූ ඉල්ලීමකට අනුව අද(26) කැඳවා තිබූ මාතලේ මහනගර සභාවේ විශේෂ මහ සභා රැස්වීම අතරතුර උණුසුම්කාරී තත්වයක් නිර්මාණය වී තිබේ.

මාතලේ මහ නගර සභාවේ ප්‍රධාන විධායක නිලධාරිය වන නාගරික කොමසාරිස්වරයාට  රියදුරන් විසින් බැන තර්ජනය කිරීම, නගර සභා තුළ විෂමාචාර ලෙස හැසිරීම පිළිබඳව සාකච්ඡා කිරීම, නගර සභාවට අයත් ළමා උද්‍යානයේ පිහිටා ඇති කිරිහල සභා සම්මුතියෙන් තොරව ලබා දීම තුළින් සභාවට මුදල් මුදල අගතියක් සිදු කිරීම, ගොංගාවල ආයුර්වේදය අසළ කඩකාමර සභා තීන්දුවට පටහැනිව ලබා දීම, සෞඛ්‍ය කම්කරුවකු සහ කර්මාන්ත කම්කරුවෙකු ආවරණ පත්වීම් ලබාදීම තුළින් සභාව දැඩි අපකීර්තියකට පත් කිරීම සඳහා අදාළ අය නිත්‍ය තනතුරුවල පිහිටුවීම, සුපිරි වෙළඳ සංකීර්ණයෙහි අංක 33 කඩකාමරය නිත්‍යනුකූල භාවය පිළිබඳව සාකච්ඡා කිරීම සහ නීත්‍යනුකූලව මාතලේ මහ රෝහල ඉදිරිපිට තිබු කඩකාමර ඉවත් කර නැවත කඩකාමර ලබා දිම යන කරුණු සාකච්ඡා කිරීමට මෙම රැස්වීම කැඳවා තිබිණි.

කෙසේ වෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වැඩබලන නගරාධිපති සන්දනම් ප්‍රකාශ් මහතා නගරාධිපති නිල කබායද නොපැලද සහ සෙංකෝලය ද නොමැතිව සභාවේ කටයුතු ආරම්භ කිරීම හේතුවෙන් මෙය නීත්‍යානුකූල නොවන බව මන්ත්‍රීවරුන් අදහස් දක්වා ඇත.

එම අදහස් ඉවත දමමින් නියෝජ්‍ය නගරාධිපතිවරයා පවසා ඇත්තේ මෙම කරුණු සාකච්ඡා කිරීමට නගරාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවත් ඊට අවස්ථාව හිමි නොවූ බවත් ය. ඒ අනුව නගර සභා ආඥා පනත අනුව මෙම සභාව කැඳවා ඇති බවත් න්‍යාය පත්‍රයට අනුව වැඩ කටයුතු සිදු කරන බවත් ය.

ඊට එරෙහිව අදහස් දැක්වීම හේතුවෙන් සභාවේ උණුසුම්කාරී තත්වයක් ඇතිව තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී මොහමඩ් නිලාෆ්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වන ඒ.එන් ඉන්ද්‍රරත්න, රන්දික විරසිංහ, සරත් ජාතුංග යන මහත්වරුන් විසින් ඉහත කරුණු සාකච්ඡා කිරීමට විශේෂ රැස්වීම් වාරයක් ඉල්ලා ඇත.

Facebook
Twitter
LinkedIn