ලොව බලවත්ම සහ කාර්මික රටවල රාජ්‍ය නායකයින්ගේ එකතුවකින් නිර්මාණය වී ඇති ජී – 7 සමුළුව ඊයේ(26) ප්‍රංශයේ බයාරිට්ස් නුවරදී ආරම්භ විය.
මෙම සමුළුවේදී ප්‍රධාන කරුණු තුනක් සම්බන්ධව අවධානය යොමු කිරීමට ලෝක බලවතුන් අදහස් කරගෙන ඇත.
ඒ අනුව ගෝලීය වෙළඳ යුද්ධය, බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සහ ඇමසන් වැසි වනාන්තරයේ ගින්න සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.
සමුළුවේ සාමාජිකයින් වන්නේ ප්‍රංශය, බ්‍රිතාන්‍යය, කැනඩාව, ජර්මනිය, ඉතාලිය, ජපානය සහ අමෙරිකාව යන රටවල් ය.
සමුළුව සඳහා සහභාගීවන රාජ්‍ය නායකයින්ගේ ආරක්ෂාවට ප්‍රංශ ආරක්ෂක අංශවල 13000ක පමණ පිරිසක් සේවයේ යොදවා තිබේ.
මේ අතර පෙර දැනුම්දීමකින් තොරව ඉරාන විදේශ අමාත්‍ය මොහොමඩ් ජවාඩ් සරීෆ් පැමිණ තිබේ. ඊයේ පැවැත්වූ සාකච්ඡාවක් සඳහා ඒ මහතා එක්ව ඇති අතර එම පැමිණීමෙන් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු පිරිස විමතියට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඊට හේතුව වන්නේ ඇමරිකාව සහ ඉරානය අතර පවතින මතභේදාත්මක තත්වයයි.
මේ අතර ඊයේ ජී 7 සමුළුවේ සමාරම්භය සනිටුහන් කිරීමේදී ප්‍රංශයේ නගර කිහිපයක විරෝධතා ව්‍යාපාර ද පැවති බව වාර්තා වේ. ඒ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ අදහස් ගරු කරන රාජ්‍ය නායකයින්ගේ ප්‍රතිපත්තිවලට විරෝධය පලකිරීමක් ලෙසය. එම විරෝධතා පාලනය කිරීමට ආරක්ෂක අංශ විසින් කඳුළු ගෑස් ප්‍රහාර ද එල්ලකර ඇතැයි වාර්තා වේ.










