ඉන්දියාවේ හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන පලනිඅප්පන් චිදම්බරම් දූෂණ සහ මුදල් විශුද්ධිකරණ චෝදනා මත මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ විදේශ ආයෝජන සඳහා අනුමැතිය ලබා දීමට අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් පසුගිය 21 වනදා මධ්‍යම විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
73 හැවිරිදි චිදම්බරම් ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන අතර ඔහු 1984 සිට මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර තිබේ. ඔහු ස්වදේශීය ඇමති වශයෙන්ද වරක් කටයුතු කර ඇත.
හිටපු අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීම සඳහා විමර්ශන නිලධාරීන්, පසුගිය 19 වනදා රාත්‍රියේ නව දිල්ලි නුවර පිහිටි ඔහුගේ නිවසට ගොස් ඇති නමුත් ඔහු නිවසේ නොමැති බව නිලධාරීන්ට දන්වා තිබේ. ඉන් පසු පලනිඅප්පන් චිදම්බරම් විසින් අත්අඩංගුවට ගැනීමට පැය කිහිපයකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පතමින් ඇප අයදුම්පතක් ඉදිරිපත් කර ඇත. ඊට පෙර දින දිල්ලි මහාධිකරණයටද ඔහු ඇප අයදුම් පතක් ඉදිරිපත් කර ඇති නමුත් මහාධිකරණය එය ප්‍රතික්ෂේප කර තිබේ.
2007 වසරේදී මුදල් ඇමතිවරයා ලෙස කටයුතු කළ සමයේ ‘INX’ සමාගමට ඩොලර් මිලියන ගණනාවක් වටිනා විදේශ ආයෝජන සඳහා අනුමැතිය දී ඇති බවට පලනිඅප්පන් චිදම්බරම්ට චෝදනා එල්ල වී ඇත.
චිදම්බරම් හිටපු ඇමතිවරයාගේ පුත්‍රයා වන කාර්ති චිදම්බරම්ටද එරෙහිවද දූෂණ චෝදනා එල්ල වී තිබේ.
මුදල් අමාත්‍යංශයෙන් ‘INX’ සමාගමට අදාළ අනුමැතියන් ලබා දුන් කාලයේ කාර්ති චිදම්බරම්ටද ‘INX MEDIA’ සමාගමෙන් විවිධාකාර උදව් ලැබුණු බව කියවේ.
මුල්‍ය අපරාධ විමර්ශනය කරනු ලබන ආයතනය සහ මධ්‍යම විමර්ශන කාර්යාංශය ඔවුන් දෙදෙනා ගැනම පරීක්ෂණ පවත්වති.
මධ්‍යම විමර්ශන කාර්යාංශය විසින් කාර්ති චිදම්බරම් 2018දී අත්අඩංගුවට ගත් අතර පසුව ඔහු ඇප මත නිදහස් කළේය. ඔහු තමිල්නාඩු ප්‍රාන්තයෙන් කොංග්රස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි.











