ආයතන සංග්‍රහයේ නිසි ක්‍රමවේදයෙන් බැහැරව තමාට විනය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ සැපයුම් අධ්‍යක්ෂ අයි.එම්.කේ. ඉලංගසිංහ මහතා විසින්, රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි පැවසෙන වංචා දූෂණ සෙවීමට පත්කළ ජනාධිපති කොමිසම වෙත ඉදිරිපත් කර ඇති පැමිණිල්ල සම්බන්ධව විමර්ශන සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කොමිසම වෙත කැඳවා තිබේ.
පාසල් පෙළපොත් සඳහා අමාත්‍යවරයාගේ රුව ඇතුළත් කිරීමේදී සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධව සිදුකර ඇති පැමිණිල්ලකට කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමෙන් පසු තමට විනය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ඉලංගසිංහ මහතා පැමිණිලි කර තිබේ.
ඊට අදාල විමර්ශන සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා ලබන 2 වැසිදා කොමිසම වෙත කැඳවා ඇතැයි වාර්තා වේ.
Views: 0










