රෙද්ද බැනියම අඳින කෙනෙක් ගැන වෙල්ගම යළි අවධාරණය කරයි

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවක් යටතේ කටයුතු කිරීමට කිසිඳු බලාපොරොත්තුවක් නොමැති බවත් රෙද්ද බැනියම අඳින අපේක්ෂකයෙකු කරළියට පැමිණෙන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා යළි අවධාරණය කරයි.

මන්ත්‍රිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (23) කොළඹ පැවැති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්ය.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශන්වලට පිළිතුර දෙමින් කුමාර වෙල්ගම මහතා වැඩිදුරටත් දැක්වූ අදහස් පහතින් පල වේ.

ප්‍රශ්නය:- මොකෝ වෙන්නේ මේ වෙනකොට?

කුමාර වෙල්ගම මහතා:- ඉදිරි ජනාධිපතිවරණයෙන් පස්සේ හොඳ අතට හැරෙයි.

ප්‍රශ්නය:- ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුවක. ඒකද ඔබතුමා කියන්නේ?

කුමාර වෙල්ගම මහතා:- ගෝඨාභය රාජපක්ෂ ‍යටතේ ආණ්ඩු කරන්න මම කැමති නැහැ.

ප්‍රශ්නය:- ඒ කියන්නේ කවුද කියලා කියන්න බැරිද?

කුමාර වෙල්ගම මහතා:- අපි බලමු ඉස්සරහට. මම කිව්වනේ රෙද්දයි බැනියමයි අඳින කෙනෙක් කියලා…

Facebook
Twitter
LinkedIn