පාසල් නිල ඇඳුම වෙනුවට වව්චර් පත් ලබාදීමේදී රුපියල් මිලියන 450ක පාඩුවක් දැරීමට සිදුව ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන මූල්‍ය නිලධාරීවරයා ඊයේ(23) රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමට පත්කල ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ කර ඇත.
2018 වසර සඳහා නිල ඇදුම් වව්චර් ලබාදීමට රුපියල් මිලියන 40 කට අධික මුදලක් වැයවී ඇති බවත් මේ වසර සඳහා නිල ඇදුම් වව්චර්පත් ලබාදීමේදී රුපියල් මිලියන 47කට අධික මුදලක් වැයවී ඇති බවත් ඔහු පවසා තිබේ.
සිදුව ඇති පාඩුව සම්බන්ධව සම්පිණ්ඩන වාර්තාවක් ලබන 26 වැනිදා කොමිසම වෙත ඉදිරිපත් කරන්නැයි මෙහිදී සාක්ෂිකරුට දන්වා ඇත.
Views: 0










