මත් වූ රියදුරන් වැටලීමේ මෙහෙයුමෙන් දින 49 කට රුපියල් මිලියන 251ක දඩ

මත් වූ රියදුරන් වැටලීමේ මෙහෙයුමෙන් දින 49 කට රුපියල් මිලියන 251ක දඩ

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමෙන් දින 49 ක් තුළ රියදුරන් 10,054ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද(23) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

පොදු ප්‍රවාහන සේවාවල යෙදී සිටින රියදුරන් අත්අඩංගුවට ගෙන අධිකරණයෙන් වරදකරුවෙකු වුවහොත් ඔහුගේ රියදුරු බලපත්‍රය අවලංගු කිරීමට යටත් වන බවත්, පුද්ගලික වාහනවල රියදුරන් වරදකරුවෙකු වුවහොත් උපරිම වසරක කාලයක් දක්වා රියදුරු බලපත්‍රය අහෝසි කිරීමේ හැකියාව ද පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මෙම බීමත් රියදුරන් සියළු දෙනා අධිකරණය ඉදිරියේ වරදකරුවන් වූ පසු එක් අයෙකුට අවමය රුපියල් 25,000ක දඩ මුදලක් නියම වන බවත් ඒ අනුව රුපියල් මිලියන 251ක දඩ මුදල් මෙම දින 49 මෙහෙයුම තුළදී ලැබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මෙම මෙහෙයුම තව දුරටත් ක්‍රියාත්මක වේ.

Facebook
Twitter
LinkedIn