අද(23) දිනයේ සිට ක්රියාත්මක වන පරිදි යුධ හමුදා මාණ්ඩලික ප්රධානීවරයා ලෙස මේජර් ජනරාල් සත්යප්රිය ලියනගේ මහතා පත්කර ඇතැයි යුධ හමුදා මූලස්ථානය පවසයි.
මේජර් ජනරාල් සත්යප්රිය ලියනගේ මහතා මෙම ධුරයට පත් කිරීමට පෙර යුධ හමුදා ස්වේච්ඡා බල සේනාවේ සේනාවිධායකවරයා ලෙස සහ බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපතිවරයා ලෙස කටයුතු කර තිබේ.
මීට පෙර යුධ හමුදා මාණ්ඩලික ප්රධානී ධුරයේ කටයුතු සිදුකළ ලුතිනන් ජනරාල් ශවෙන්ද්ර සිල්වා මහතා නව යුධ හමුදාපතිවරයා ලෙස වැඩ භාරගැනීමෙන් පසු හිස්වූ එම ධුරය සඳහා මේජර් ජනරාල් සත්යප්රිය ලියනගේ මහතා පත්කර ඇත.
Views: 0










