අඟුරු ජෙනරේටර් 50ක් මිලදී ගැනීම, හදිසි අවස්ථා යටතේ විදුලිය මිලදී ගැනීම ආදී කටයුතු රැසකදී සිදුව ඇති දූෂණ වංචා සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවේ අද (23) පෙනී සිටින ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ මහතාට දැනුම් දී තිබියදීත් ඔහු එය මගහැර විදේශ ගතවී ඇති බව එම කමිටුවේදී අනාවරණය වූ අතර ඒ සම්බන්ධයෙන් කෝප් කමිටුව අප්‍රසාදය පළ කළේය.
කෝප් කමිටුව එහි සභාපති ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී අද පස්වරුවේ රැස්විය.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ මහතා අතුළු විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ නිලධාරීන් ඒ වෙත අද කැඳවා තිබිණි.
මේ සඳහා ලේකම්වරයා වෙනුවට වැඩබලන ලේකම්වරිය පැමිණ සිටියද අදාළ කරුණු සම්බන්ධයෙන් විමසීමට බටගොඩ මහතා සිටිය යුතු බව තීරණය කළ කමිටුව ඔහු ඔක්තෝබර් 08 වැනිදා කැඳවීමට තීරණය කළේය.
ඒ අනුව එම අමාත්‍යාංශයේ නිලධාරීන් එදිනට කෝප් කමිටුව හමුවට පැමිණීමට නියමිතය.










