මහින්ද රාජපක්ෂ පාලන සමයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රෙමට ගුවන් ගමන් බලපත්රය ගැන විමර්ශන වැඩ බලන පොලිස්පතිවරයා විසින් යළිත් වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දී තිබේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකා එක්සත් ජනපද පුරවැසියෙකු ලෙස සිටියදී මෙරට පුරවැසියෙකු ලබාගන්නා ගුවන් ගමන් බලපත්රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස ඉල්ලා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබිණි.
එම පැමිණිල්ල විමර්ශනය කරන ලෙස මුලින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකරනු ලැබූ අතර ඉන්පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර කොළඹ අපරාධ කොට්ඨාසයට පවරා තිබිණි.
කොළඹ අපරාධ කොට්ඨාසය මූලික විමර්ශනයෙන් පසු ලබාදුන් වාර්තාවක් පදනම් කරගනිමින් මෙම විමර්ශන යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමට වැඩ බලන පොලිස්පතිවරයා පියවර ගෙන ඇති බව පැවසේ.
Views: 0










