ලංකාවේ සිට ත්‍රස්තයන් ඇතුළු වී ඇතැයි බුද්ධි අංශ අනාවරණයෙන් පසු ඉන්දියාවේ රැකවල් වැඩි කරයි

ලංකාවේ සිට ත්‍රස්තයන් ඇතුළු වී ඇතැයි බුද්ධි අංශ අනාවරණයෙන් පසු ඉන්දියාවේ රැකවල් වැඩි කරයි

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ තමිල්නාඩු දක්වා ත්‍රස්තයින් පිරිසක් සංක්‍රමණය වී ඇති බවට ඉන්දීය බුද්ධි අංශ කළ අනතුරු ඇඟවීමක් හේතුවෙන් එම ප්‍රාන්තයේ ආරක්ෂාව දැඩි කර ඇතැයි වාර්තා වේ.

පාකිස්ථානය නිජ බිම කරගත් ලෂ්කාර් ඉ ටොයිබා නැමති ත්‍රස්ත සංවිධානයට අයත් පුද්ගලයින් 6 දෙනෙකු මුහුදු මාර්ගය මගින් ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ තමිල්නාඩු දක්වා සංක්‍රමණය වී ඇතැයි ඉන්දීය බුද්ධි අංශ වාර්තා කර තිබේ.

එම ත්‍රස්ත සැකකරුවන් අතර ශ්‍රී ලාංකික දමිළ මුස්ලිම් සම්භවයක් ඇති පස් දෙනෙකු සහ පාකිස්ථාන ජාතිකයෙකු සිටින බව බුද්ධි අංශ අනාවරණය කර තිබේ.

මෙම අනතුරු ඇඟවීමත් සමඟ ගුවන්තොටුපළ, දුම්රිය ස්ථාන, බස් නැවතුම්, ආගමික ස්ථාන සහ ජනාකීර්ණ ගොඩනැඟිලිවල ආරක්ෂාව දැඩිකර තිබේ.

එමෙන්ම කොයිම්බතූර් ප්‍රදේශයේ මාර්ග බාධක ගණන වැඩිකර ඇති බවත් දේශසීමා ප්‍රදේශ සහ නාගරික ප්‍රදේශවල සිදුකරන පරීක්ෂාකිරීම් වැඩිකර ඇතැයි ද මාධ්‍ය වාර්තා කරයි.

Facebook
Twitter
LinkedIn