ගගනගාමීන්ට සහය දැක්විය හැකි මිනිස් රුවට සමාන රොබෝ යන්ත්‍රයක් රුසියාව විසින් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යවා තිබේ.
මිනිසුන් රහිත සෝයුස් රොකට්ටුවක් ආධාරයෙන් කසකස්ථානයේ බයිකොනූර් ගගන මධ්‍යස්ථානයේ සිට මෙම රොබෝව ඊයේ(22) ගුවන් ගතකර ඇත. එය සැප්තැම්බර් 7 වැනිදා අන්තර් ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත පිවිසීමට නියමිතය.
ෆෙඩොර් නමින් හඳුන්වන මෙම රොබෝ යන්ත්‍රය අඩි 5යි අඟල් 11ක් උසැති වන අතර කිලෝ ග්‍රෑම් 160ක් බරතිය. එය දින 10ක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හදිසි නික්මීමේ යාන්ත්‍රණයක් අත්හදා බැලීමට සහ ජත්‍යන්තර අභ්‍යවකාශ මධස්ථානයේ රැදී සිටින ගගනගාමීන්ට සහය දැක්විය හැකි ආකාරය සම්බන්ධව මෙම රොබෝව මගින් අත්හදා බැලීමට නියමිතය.
https://youtu.be/hRt2VYjAy4c
Views: 0










