ඉන්දියාව සමඟ තව දුරටත් සාම සාකච්ඡා සිදුනොකරන බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසා තිබේ.
සාම සාකච්ඡා සඳහා පාකිස්ථානය විසින් ඉන්දීය පාර්ශ්ව වෙත කළ ඉල්ලීම් කිහිප වතාවක්ම ප්‍රතික්ෂේප කර තිබිණි. පාකිස්ථානය ත්රස්තවාදීන් සමඟ ගනුදෙනුකරන බවත් ත්රස්තවාදයට එරෙහිව පාකිස්ථාන රජය පියවර නොගන්නා බවත් පවසමින් ඔවුන් සාකච්ඡා සඳහා කරන ලද ඇරයුම් ප්‍රතික්ෂේප කළේය.
ජම්බු කාශ්මීර ප්‍රාන්ත පාලනය ඉවත් කොට එය සෘජුවම ඉන්දීය මධ්‍යම රජයේ පාලනය යටතට ගැනීමෙන් පසු පාකිස්ථානය සමඟ පැවති සබඳතා තව දුරටත් දුර්වල විය.
පාකිස්ථානය, කාශ්මීරයේ සිදුකරන ඉන්දීය පාලනය දැඩිව විවේචනය කරමින් සිටින අතර ඉම්රාන් ඛාන් පවසා සිටියේ සාම සාකච්ඡා සඳහා කරන ලද ඇරයුම් ඉන්දියාව, සැනසීමට පමණක් යොදා ගන්නා බවය.
Views: 0










