පොලිස් කොමිසමේ ලේකම් ඇතුළු සිව් දෙනෙකු ලබන 6 දක්වා යළි රිමාන්ඩ්

පොලිස් කොමිසමේ ලේකම් ඇතුළු සිව් දෙනෙකු ලබන 6 දක්වා යළි රිමාන්ඩ්

ගාලු වරායට නුදුරු මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙනයාමේ සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගත් ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක ඇතුළු සිව් දෙනා ලබන මස 6 වැනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය අද(23) නියෝග කළාය.

සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් වන්නේ යුධ හමුදාවේ විශ්‍රාමික මේජර් ජනරාල්වරුන් වන පාලිත ප්‍රනාන්දු සහ කරුණාරත්න බණ්ඩාර අධිකාරි එගොඩවෙල, රක්නා ලංකා ආරක්ෂක සමාඟමේ හිටපු සභාපති වික්ටර් සමරවීර යන අයය.

අසනීප තත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබන පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක ද අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.

Facebook
Twitter
LinkedIn