වේදිකා නාට්‍ය අධ්‍යක්‍ෂ සුනිල් චන්ද්‍රසිරි අභාවප‍්‍රාප්ත වේ

ප‍්‍රවීණ වේදිකා නාට්‍ය අධ්‍යක්‍ෂ සුනිල් චන්ද්‍රසිරි මහතා හදිසි හෘදයා බාධයකින් ඊයේ (07) සවස කොලඹ ජාතික රෝහලේදී අභාවප‍්‍රාප්ත වී තබේ.

1980 දශකයේ ජයලත් මනෝරත්නයන්ගේ ‘පුත‍්‍ර සමාගම‘ වේදිකා නාට්‍යයේ නිෂ්පාදකවරයා ලෙස වේදිකා නාට්‍ය කරණයට පිවිසි සුනිල් මහතා වේදිකාවට ‘ගිනිදඬු හෙවන‘, ‘භීම භූමි‘, ‘නිශ්ශබ්දවෙනු‘, ‘සමාවෙන්න වැරදීමක්‘, ‘දොන් ජුවන්‘, ‘මායාදේවි‘ සහ ‘ජනමිතුරෝ‘ ආදරණීය සංවාදයක්  යන නාට්‍ය නිර්මාණය කරණ ලදී.

ඔහුගේ අවසන් වේදිකා නාට්‍ය ‘ආදරණීය සංවාදයක්‘ පසුගිය රාජ්‍ය නාට්‍ය උළෙලේදී හොඳම අධ්‍යක්‍ෂ සහ නිෂ්පාදනය සඳහාත්, ඔහු විසින් පරිවර්ථනය කරණ ලද ‘සිංදු කිරිල්ලී‘ සඳහා හොඳම පරිවර්ථනයටත් සම්මාන දිනාගැනීමට සමත්විය.

ඔහු වේදිකා නාට්‍ය සඳහා කිහිප වරක්ම සම්මානයට යෝජනා වී තිබේ.

සුනිල් චන්ද්‍රසිරි මහතාගේ දේහය අද (08) සිට 871/2ඒ, අතුරුගිරිය පාර, හෝමාගම යන නිවසේ තැන්පත් කරන අතර අවසන් කටයුතු සෙනසුරාදා සවස හෝමාගම දී සිදු කිරීමට නියමිතය.


Facebook
Twitter
LinkedIn