කංජාපානි ඉම්රාන්ට වසර 6ක බරපතල වැඩ සහිත සිර දඬුවම්

කංජාපානි ඉම්රාන්ට වසර 6ක බරපතල වැඩ සහිත සිර දඬුවම්

ගංජා කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 300ක් ළඟ තබාගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවලට වරදකරු වූ පාතාල කල්ලි නායකයෙකු ලෙස සැළකෙන කංජිපානි ඉම්රාන්, වසර 6ක බරපතල වැඩ සහිතව සිරගත කරන ලෙස කොළඹ මහාධිකරණය අද(23) නියෝග කර තිබේ.

සිද්ධියට අදාල නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ කැඳවා තිබූ අතර චෝදනා සඳහා තමා වරදකරු බව විත්තිකාර කංජිපානි ඉම්රාන් විසින් පිළිගෙන ඇත.

ඒ අනුව ගංජා සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා දෙකට වසර තුන බැගින් වසර 6ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළේය.

පසුගිය වසරේ සැප්තැම්බර් මස 13 වැනිදා මාලිගාවත්ත ප්‍රදේශයේ දී ගංජා කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 300ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණි.

Facebook
Twitter
LinkedIn