කොළඹ සහ තදාසන්න දුම්රිය සේවාව නැංවීමට බව කියමින් සකස් කර ඇති සැළසුම් අහසේ පාවෙන සැළසුම් බවත් එම සැළසුම් පෙන්වා පිටරටවලින් ණය ගෙන ආරම්භ කිරීමට නියමිතය ඇති ව්‍යාපෘති දේශපාලන ප්‍රෝඩාවක් බවත් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසයි.
එම සන්ධානයේ ප්‍රධාන ලේකම් එස්.පී.විතානගේ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.
එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ විදෙස් සමාඟම් සඳහා ලබාදී තිබූ දුම්රිය මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘති අධික පිරිවැයක් මෙන්ම කාලයක් ගතවන විධිමත් ව්‍යාපෘති නොවන බවය.
එසේම රටේ ජනතාව ණයකාරයින් කර ආන්ඩුව මහා සංවර්ධන ව්‍යාපෘති සකස් කළද, එම ණය මුදල් වැයකර සියයට දශම ගණනක හෝ ජනතාවට ප්රතිලාභ අත් නොවන බව ද එම නිවේදනයේ දැක්වේ.
එම සංගමය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ දුම්රිය සේවය සංවර්ධනය කිරීම සඳහා අනුගමනය කරන ක්‍රියාමාර්ග අගය කොට සළකනු ලැබූව ද සංවර්ධනයේ මුවාවෙන් සිදුකරන දැවැන්ත විනාශයට ඉඩ දිය නොහැකි බවය.
එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහතින් පලවේ…











