ගල්කිරියාගම පහමිණියාගම සිරිසදහම් උපදේශන මධ්‍යස්ථානාධිපති කාලීන ධර්ම දේශක පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන් ගමන්ගත් කැබ් රථය ඊයේ(22) පස්වරුවේ අනතුරට ලක්ව තිබේ.
මැල්සිරිපුර අඹන්පොළ ප්‍රදේශයේදී රථය ලිස්සා ගොස් මාර්ගයෙන් ඉවතට පැන පෙරලීයාමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබූ හිමියන් හා කැබ් රථයේ රියදුරු ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ගොකරැල්ල පොලිස් ස්ථනයේ රථවාහන අංශය මගින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
Views: 0










