ඇගෙ කඳුළු බර වැඩියි නමින් මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය සම්බන්ධව අලුත් පියාපත් සංවිධානය මගින් විද්වත් සංවාදයක් පැවැත්වීමට නියමිත බව එම සංවිධායනය පවසයි.
අද(23) පස්වරු 3.30ට කොළඹ මහජන පුස්තකාල ඉහළ මහල ශ්‍රවණාගාරයේදී මෙම සංවාදය පැවැත්වෙන බව එම සංවිධානය වැඩි දුරටත් දන්වා සිටියි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆේරියල් අෂ්රොෆ්, උස්තාස් මන්සූර් මවුලවිතුමා, මුනීර් මුනෆ්ෆර් මවුලවිතුමා, නීතීඥ අර්මිසා ටීගල්, නීතීඥ රාස්මාර ආබ්දීන්, නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර යන විද්වතුන් මෙම සංවාදය සඳහා එක්වීමට නියමිතය.
Views: 0











