දඹුල්ල – හබරණ මාර්ගයේ බස් වෑන් අනතුරකින් 27ක් රෝහලේ

දඹුල්ල –  හබරණ මාර්ගයේ බස් වෑන් අනතුරකින් 27ක් රෝහලේ

දඹුල්ල-හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහා ප්‍රදේශයේදී අද (23 ) උදැසන ලංගම බස් රථයක් හා වෑන් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවූ අනතුරකින් කුඩා දරුවන් තිදෙනකු ඇතුළු 27 දෙනෙකු තුවාල ලබා දඹුල්ල හා හබරණ රෝහල්වලට ඇතුලත් කර තිබේ.

කන්තලේ ඩිපෝවට අයත් ලංගම බස් රථය ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබියදී කොළඹ සිට කාතන්කුඩි බල ධාවනය වූ වෑන් රථයක් සමඟ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.

තුවාල ලැබුවන් අතර කාන්තාවන් අටදෙනෙකුද සිටිති. හබරණ ප්‍රාදේශීය රෝහලේ තුවාලකරුවන් දෙදෙනකු ද සෙසු තුවාලකරුවන් දඹුල්ල මුලික රෝහලටද ඇතුලත් කර ඇත.

වෑන්රථයේ නවදෙනෙකු ගමන්කර ඇති අතර ඔවුන්ගෙන් පස්දෙනකු හා බස් රථයේ ගමන්කළ සෙසු පිරිස තුවාල ලබා ඇත.

වෑන් රථය තවත් වාහනයකට ඉස්සර කිරිමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුර වලක්වා ගැනීමට බස් රථයේ රියැදුර දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් සිදුවන්නට ගිය මහා අනතුරක් වැලකි ගිය බව අනතුර සියසින් දුටුවන් ප්‍රකශ කළහ. අනතුරත් සමග බස් රථය මාර්ගය හරහා පෙරලි ගොස් තිබුණි. මෙම අනතුරෙන් මාර්ගයේ ගමනගමනයටද  බාධා එල්ලවී තිබුණි.

සිගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි..

Facebook
Twitter
LinkedIn