කොම්පඤ්ඤවීදියේ පුද්ගල ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් තරුණයන් රිමාන්ඩ්

කොම්පඤ්ඤවීදියේ පුද්ගල ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් තරුණයන් රිමාන්ඩ්

කොම්පඤ්ඤවීදිය – මුත්තයියා පාර කොළඹ 2 ප්‍රදේශයේදී ඊයේ(11) මධ්‍යම රාත්‍රියේ සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධව අත්අඩංගුවට ගත් තරුණයන් පස් දෙනා මේ මස 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

ඊයේ මධ්‍යම රාත්‍රියේ ඝාතනයට ලක්වූ පුද්ගලයා සහ තරුණයන් පිරිස අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුවී ඇති අතර මියගොස් ඇත්තේ 47 වියැති හල්කඳවල, රාගලවෙල, පායාගල ලිපිනයේ පදිංචි නිමල් අනගි අත්තගේ යන අයෙකි.

සිද්ධියට අදාල තරුණයන් පස් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර එහිදී අධිකරණය මෙම නියෝගය නිකුත් කර තබේ.

තරුණයන් අවුරුදු 18ත් 25ත් අතර වයස්වල පසුවන කොම්පඤ්ඤ වීදිය, පොල්ගස්ඕවිට හා මහනුවර ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

Facebook
Twitter
LinkedIn