කොළඹ, වොක්ෂොල් වීදියේ සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යංශ ගොඩනැඟිල්ලේ ඇතිවූ ගින්නෙන් එහි පවත්වාගෙන ගිය අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකයට අයත් කාර්යාලය හා සතොස සභාපතිවරයාගේ කාර්යාලය විනාශ වී ඇත.
අද (31) අලුයම මෙම ගොඩනැඟිල්ලේ 7 වන මහලේ ගින්න හටගෙන තිබේ අතර ගින්නට හේතුව හෝ ගින්නෙන් සිදුවූ හානිය මෙතෙක් ගණනය බලා නොමැත.
ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙස අදාළ පාර්ශවයන්ට දැනුවත් කර ඇති නමුත් සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරන්නේ එහි සිදුව තිබූ බරපතල වංචා හා දූෂන ප්‍රමානයක් සම්බන්ධෙන් අවශ්‍ය තොරතුරු ඇතුළත් ලිපිගොනු කිහිපයක්ම එම කාර්යාල කාමරයේ තිබූ බැවින් මෙම ගින්නත් සමග එම ලිපි ගොනු සහ පරිගණකද විනාශවී ඇති බවයි. බොහෝදුරට එම ලිපිගොනු විනාශකිරීමේ අරමුණින්ම අදාළ පාර්ෂවයන් විසින් මෙම ගින්නිතැබීම සිදුකරන්නට ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.









