වැල්ලවත්ත ප්‍රදේශයේ ලක්මුතු සෙවන නිවාස සංකීර්ණයේ පිරිසක් සහ පුද්ගලික කොන්ත්‍රාත් සමාඟමක පිරිසක් අතර ඊයේ(04) රාත්‍රියේ ඇතිවූ ගැටුමක් හේතුවෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ.
මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් පසු ඇතිකරගත් බහින්බස්වීමක් දුරදිගයාමෙන් මෙම ගැටුම ඇතිවී තිබෙන බවත් එය සමථයකට පත්කිරීමට ආරක්ෂක අංශවලට ද මැදිහත්වීමට සිදුවූ බවත් පොලීසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධව එක් පුද්ගලයෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර තුවාලකරුවන් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබයි.
ඊයේ රාත්‍රී 10.45ට පමණ ගැටුම හටගෙන ඇති අතර තත්වය පාලනය කිරීමට පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ කැරලි මර්ධන ඒකකය ද යොදවා ඇත.
Views: 0










