උසස් පෙළ විභාගය අදින් ඇරඹේ

උසස් පෙළ විභාගය අදින් ඇරඹේ

මෙවර අධ්‍යන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගය අදින්(05) ආරම්භ වේ.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,678කදී උසස් පෙළ විභාගය පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර මෙවර ඒ සඳහා පෙනී සිටින අපේක්ෂකයන් ගණන 337,704 කි.

ඉන් 74,789 දෙනෙකු පෞද්ගලික අයදුම්කරුවන් ලෙස ඉදිරිපත් වේ.

අද සිට ලබන 31 වැනිදා දක්වා උසස් පෙළ විභාගය පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් විභාග අක්‍රමිකතා සිදුකරන අපේක්ෂකයන් සම්බන්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් විභාක කොමසාරිස් ජනරාල්වරයා පවසා සිටියේය.

Facebook
Twitter
LinkedIn