එජාප අභ්‍යන්තර ගැටුම් ඔඩු දුවයි – නව සන්ධානය ගොඩනැගීමේ උත්සවය අවලංගුයි

එජාප අභ්‍යන්තර ගැටුම් ඔඩු දුවයි – නව සන්ධානය ගොඩනැගීමේ උත්සවය අවලංගුයි

එක්සත් ජාතික පක්ෂය හෙට(05) දිනයේ පවත්වන බවට පුළුල් ප්‍රචාරයක් ගෙන ගිය ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය බිහි කිරීමේ උත්සවය හදිසියේ අවලංගු කර තිබේ.

පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුම් උග්‍ර අතට හැරීමත් සමඟ මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ.

මෙම උත්සවය සඳහා පළාත් පාලන ආයතනවල කිසිඳු මන්ත්‍රීවරයෙකුට පැමිණෙන ලෙස දන්වා නොතිබී ඇති අතර සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාට පක්ෂපාතී මන්ත්‍රීවරුන්ට ද කැඳවීමක් සිදුකර නැත.

මෙම තත්වය හමුවේ සිය ආධාරකරුවන් හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ උත්සව භූමියට කැඳවීමට කටයුතු කිරීමත් සමඟ සංවිධායකයන් විසින් උත්සවය කල් දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn