කසළ තේ කිලෝග්‍රෑම් 18,725ක තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අද(04) අලුයම මාවනැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අපනයනය කිරීම සඳහා සූදානම් කර ලොරි රථ තුනකින් පෑලියගොඩ ප්‍රදේශයට ගෙන එමින් තිබියදී විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් කසළ තේ තොගය සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වෙලම්බඩ ලීමගහකොටුව සහ හත්දෙස්ස යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිස් විශේෂ කාර්යය බලකාය පවසයි. සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
Views: 0










