අම්බලන්ගොඩ කුලීගොඩ හන්දිය ප්‍රදේශයේදී බන්ධනාගාර ජේලර්වරයෙකුට වෙඩ් තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව කඩිනමින් විමර්ශන සිදුකරන්නැයි ඉල්ලා අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය මගින් පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ගොනුකර තිබේ.
වෙඩි තැබීමේ සිදුවීම ඊයේ(04) පස්වරුවේ සිදුවූ අතර ඝාතනයට ලක්ව ඇත්තේ 44 හැවිරිදි තිලිණ රුවන් ජයරත්න නැමති වැලිකඩ බන්ධනාගාරයේ පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා ය.
සිද්ධිය සම්බන්ධව විමර්ශනයට විශේෂ පොලිස් කණ්ඩායම් 4ක් යොදවා ඇති බව පොලීසිය සඳහන් කරයි.
සිද්ධියට සම්බන්ධ කිසිඳු සැකකරුවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ප්‍රදේශයේ ආරක්ෂිත කැමරා දර්ශන උපයෝගී කරගෙන ඉදිරි විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කරයි.
Views: 0










