හෙට(05) ලබන 9 වැනිදා දක්වා පවතින දින කිහිපය තුළ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය රළු ස්වභාවයක් ගතහැකි බවත් ඒ අවට සිදුකෙරෙන ධීවර සහ නාවුක කටයුතු අවධානම් විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
ඉදිරි දින කිහිපයේ බෙංගාල බොක්ක ආශ්‍රිතව සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70ත් 80ත් අතර අගයක් ගතහැකි බව කාලගුණ අංශ අපේක්ෂා කරයි.
එසේම හෙට සිට ලබන 11 වැනිදා පමණ වන තෙක් අරාබි මුහුද ආශ්‍රිත මුහුදු ප්‍රදේශය ද රළු ස්වභාවයක් ගත හැක. අරාබි මුහුද ආශ්‍රිත සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 – 80 අතර අගයක් ගත හැකි අතර ධීවර සහ නාවුක කටයුතු සඳහා අවධානම් විය හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
Views: 0










