ප්‍රභල එල්.ටී.ටී.ඊ. හිතවාදියෙකු ලෙස සැළකෙන නඩරාජා සේදුරූපන් නැමැත්තා යාපනය නෙල්ලිඅඩි පොලීසිය විසින් ඊයේ(02) අත්අඩංගුවට ගෙන තිබේ.
නෝර්වේ රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ඇති සැකකරු නෙල්ලිඅඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ වෙබ් අඩවි නිර්මාතෘවරයෙකු මෙන්ම දෙමළ ඩයස්පෝරාවේ ප්‍රභල කොටි හිතවාදියෙකු වශයෙන් සේදුරූපන් නැමැත්තා හඳුනාගෙන ඇත.
පුද්ගලයෙකුට දුරකථන මාර්ගයෙන් බැන තර්ජනය කිරීම සහ කප්පම් ඉල්ලීම සබන්ධන්ධව චෝදනා ලැබ කඅධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය සැකකරු අත්අඩංගුවට ගැනීමට නිකුත්කර ඇති වරෙන්තුවකට අනුව ඊයේ දින මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
සැකකරු නෝර්වේ රාජ්‍යයේ පදිංචිව සිට එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙනුවෙන් මුදල් එක්රැස් කිරීම ඇතුළු ත්රස්තවාදයට අනුබල දෙන ක්‍රියා සඳහා සම්බන්ධවී ඇති බවට ද චෝදනා ඇත.
සැකකරු අද කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නෙල්ලිඅඩි පොලීසිය සහ ත්‍රස්ත විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරයි.










