අගමැති සහ අමාත්‍යවරු කිහිප දෙනෙකු තේරීම් කාරක සභාව හමුවට

අගමැති සහ අමාත්‍යවරු කිහිප දෙනෙකු තේරීම් කාරක සභාව හමුවට

පාස්කු දින ප්‍රහාරය සම්බන්ධව විමර්ශන කිරීමට පත්කර ඇති පාර්ලි‍මේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ ලබන අගහරුවාදා(05) දින පෙනී සිටින්නැයි අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍යවරුන් කිහිපදෙ‍ෙනකුට කැඳවීම් සිදුකර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, නීතිය හා සාමය අමාත්‍යාංශය භාරව කටයුතු කළ අමාත්‍යවරුන් වන සාගල රත්නායක සහ රංජිත් මද්දුමබණ්ඩාර, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන යන මහත්වරුන්ට මෙම කැඳවීම සිදුකර තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි සහ පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ වැඩබලන අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ජගත් නිශාන්ත යන අය ඊයේ(01) දිනයේ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දී තිබේ.

Facebook
Twitter
LinkedIn