කසළ බහාළුම් පරීක්ෂා කිරීමේදී ප්‍රායෝගික ගැටළු

කසළ බහාළුම් පරීක්ෂා කිරීමේදී ප්‍රායෝගික ගැටළු

බ්‍රිතාන‍්‍යයේ සිට මෙරටට ආනයනය කර තිබෙන කසළ බහාළුම්වල රස පරීක්ෂක වාර්තාවක් අභියාචනාධිකරණය මගින් කැඳවා තිබුණය එම වාර්තා ලබාගැනීමේ ප්‍රායෝගික ගැටළු පවතින බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

කසළ බහාළුම්වල විශ වායු, රසායනික ද්‍රව්‍ය හෝ රෝගකාරක විශබීජ පැවතීමේ ඉඩකඩක් පවතින බැවින් කසළ සාම්පල ලබාගැනීමේදී හා බහාළුම් පරීක්ෂා කිරීමේදී නිලධාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධව ද සැළකිලිමත් විය යුතුව ඇතැයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මේ හේතුවෙන් ආරක්ෂිත ක්‍රමවේද සහ අවශ්‍ය පරීක්ෂාකිරීම්, ඒ සම්බන්ධ විශේෂඥ ආයතන මගින් සිදුකිරීමෙන් අනතුරුව රස පරීක්ෂක වාර්තා ලබාගැනීමට සැළසුම්කර ඇතැයි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

Facebook
Twitter
LinkedIn