මුදල් කමිටුවට ප්රාදේශීය සභාවේ ලේකම්වරයා සහභාගීවී අනිවාර්ය වුවත් ලේකම්වරයා නොමැතිව පොහොට්ටු පක්ෂයට බලය හිමි අත්තනගල්ල ප්රාදේශීය සභාවේ මුදල් කමිටුව අද (30) පෙරවරුවේ පැවැත්වෙමින් තිබියදී ජනතා විමුක්ති පෙරමුණේ ම්න්ත්රීවරයා විසින් සිදු කළ ප්රශ්න කිරීමකට උරණවූ සභාපතිවරයා සහ උප සභාපතිවරයා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්රීවරයාට පහරදීම සඳහා උත්සාහ කර තිබේ.
මුදල් කමිටුවට සහභාගීවීමට සභාවේ ලේකම්වරයාට නිල බලයක් ඇති නමුත් අද පැවති මුදල් කමිටුවට ලේකම්වරයා සහභාගී නොවීම ගැන එම කමිටුව ආරම්භයේදීම ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්රී හේමාල් මෙන්ඩිස් මහතා විසින් ප්රශ්න කර ඇත. එයට නොරුස්නා ස්වරූපයකින් පිළිතුරු ලබාදී ඇති සභාපතිවරයා පවසා ඇත්තේ ලේකම්වරයා වෙන වැඩක නිරතව සිටින බවයි. එහෙත් ලේක්ම්වරයා නිල කාමරයේ වාඩිවී සිටිනු දුටු මන්ත්රීවරයා ලේකම්වරයා වෙනත් වැඩක නිරතව නැති බවත් ලේකම්වරයාට ආරාධනා කළ යුතු බවත් සඳහන් කර ඇත.
කෙසේ නමුත් එය නොතකා සභාපතිවරයා මුදල් කමිටුවේ න්යායපත්රය කියවා තිබේ. එහිදී විවිධ ගුරු පුහුණු පාඨමාල පැවැත්වීම සඳහා ටෙන්ඩර් කැඳවීමට එම න්යායපත්රයෙන් යෝජනා කර තිබේ. එහිදී පාඨමාලා කොපමණ ප්රමාණයක් ඇත්දැයි ජවිපෙ මන්ත්රීවරයා ප්රශ්න කර ඇත. එහිදී යළිත් උරණවී ඇති සභාපති ප්රියන්ත පුෂ්පකුමාර සහ උප සභාපති ලීල් ගුණසිංහ යන දෙදෙනා එක්වරම නැගී සිට ජවිපෙ මන්ත්රී හේමාල් මෙන්ඩිස් මහතාට පහරදීමට තැත් කර තිබේ.
එහිදී මුදල් කමිටුවේ සිටි ආණ්ඩු පක්ෂයේම වෙනත් මන්ත්රීවරු කිහිපදෙනෙකු නැගී සිට සභාපතිවරයා සහ උප සභාපතිවරයාව නතර කර ඇත.
මෙසේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා ජවිපෙ මන්ත්රීවරයා සමග උරණ වී ඇත්තේ ප්රාදේශීය සභාවේ ලේකම්වරයා මුදල් කමිටුවට පැමිණීම වලක්වා ලේකම්වරයා නොමැතිව ටෙන්ඩර් කැඳවීමකට මුදල් කමිටිවේ අනුමැතිය ලබාගැනීමේ කූඨ උත්සාහය ලේකම්වරයාගේ නොපැණීම ගැන ප්රශ්න කිරීම තුළින් අඩපන වීම හේතුවෙන් යැයි වැඩිදුරටත් වාර්තා වේ.










