එතෙර අපි ඉල්ලීමක් දිනයි – විදෙස් ගත ලාංකිකයන්ගේ පාසල් දරු දැරියන් ගැන අවධානය යොමුකරයි…

එතෙර අපි ඉල්ලීමක් දිනයි – විදෙස් ගත ලාංකිකයන්ගේ පාසල් දරු දැරියන් ගැන අවධානය යොමුකරයි…

තම දරු දැරියන්ද සමග පවුල් පිටින් විදෙස්ගතව රැකියාවන්වල නිරත ශ්‍රී ලාංකිකයන් නැවත මේරටට පැමිණි පසු තම දරුවන් පාසල්වලට අතුළත් කිරීමේදී මුහුණදීමට සිදුව තිබූ ගැටළුකාරී තත්වයන් පිළිබඳව එතෙර අපි සංවිධානය මගින් මෙරට අධ්‍යාපන අමාත්‍යාංශයටත්, විදේශකටයුතු අමාත්‍යාංශයටත් දිගින් දිගටම සිදු කරනු ලැබූ ඉල්ලීම්වල ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට යම් සහනදායී වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා රජය කටයුතු කරමින් සිටින බවට ඔවුන් ලිඛිතව සඳහන් කර තිබේ.

ඒ අනුව එහි මූලික අධියරක් ලෙස එලෙස විදෙස්ගතව රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන්ගේ විදේශයන්හි අධ්‍යාපනය ලබන දරු දැරියන් පිළිබඳ තොරුතුරු ඉල්ලිමේ තොරතුරු ලේඛණයක් මේ වනවිට නිකුත් කර ඇත.

ඒ අනුව ඕමානයේ මස්කට් හි පිහිටි ශ්‍රී ලාංකික පාසලට සහ කටාර්වල පිහිටි ශ්‍රී ලාංකික පාසලට එම තානාපති කාර්යල මගින් විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ලිපි යොමු කරමින් උක්ත දරුවන්ගේ තොරතුරු ඉල්ලා තිබේ.

ඒ අනුව ඉදිරි අවුරුදු දෙකක කාලය ඇතුළත ලංකාවේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීමට නියමිත දරුවන් පිළිබඳවත් ඔවුන්ගේ විශ්වවිද්‍යාල පාඨමාල පිළිබඳවත් විස්තර සහ මෙරට පාසල්වලට පැමිණීමට නියමිත දරුවන්ගේ තොරතුරු එම ලිපි මගින් මෙලෙස ඉල්ලා තිබේ.

Facebook
Twitter
LinkedIn