මත් කුඩු ළඟ තබාගෙන ජාවාරම් කළ පුද්ගලයෙකුට මරණ දඬුවම

මත් කුඩු ළඟ තබාගෙන ජාවාරම් කළ පුද්ගලයෙකුට මරණ දඬුවම

මාලිගාවත්ත ප්‍රදේශයේ දී හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 1ක් සමඟ අත්අඩංගුවට ගත් මත්කුඩු ජාවාරම්කරුවෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද(30) මරණ දඬුවම නියම කර තිබේ.

මරණ දඬුවම නියම වී ඇත්තේ කොළඹ 10 මාලිගාවත්ත ප්‍රදීපා මාවත ප්‍රදේශයේ පදිංචි කජ්ජි ජෙයලාබ්දීන් ජෙස්මීර් රිස්වාන් නැමැත්තෙකුට ය.

2016 වසරේ ජනවාරි මස 16 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 321ක් ළඟ තබැගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ සැකකරැට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පැවරූ අතර පසුව සිදුකළ විමර්ශනවලදී විත්තිකරුට අයත් හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 68ක් මාලිගාවත්ත පොලීසිය විසින් සොයාගෙන තිබිණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුට එරෙහිව නගා තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇති බැවින් විත්තිකරුට මරණ දඬුවම නියම කිරීමට විනිසුරුවරයා තීරණය කළේය.

Facebook
Twitter
LinkedIn