පසුගියදා සැඩ රළ පහරට හසුවීමෙන් රූමස්සල ප්‍රදේශයට ගසාගෙන ආ ග්ලෝරි ටු ගෝ නෞකාවෙන්, රූමස්සල ප්‍රදේශයේ සාගර පතුලට සහ කොරල්පරවලට සිදුව ඇති හානිය තක්සේරු කර එය අදාල නැව් සමාගමෙන් අයකර ගැනීමට කටයුතු කරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසා තිබේ.
කෙසේ වෙතත් මේ වනවිටත් පවතින මුහුදේ රළු ස්වභාවය හේතුවෙන් හානිය තක්සේරු කරගත නොහැකිව ඇත.
එසේම නෞකාව රැඳී ඇති ස්ථානයෙන් ඉවතට ගැනීමට එය කොටස්වලට ගැලවිය යුතුව ඇති බවත් එම ක්‍රියාවලියේදී සාගර පරිසරයට සහ ඒ ආශ්‍රිත ගොඩබිමට හානි සිදුවිය හැකි බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පවසා තිබේ.
නෞකාව ඉන්දියානු සමාඟමකට අයත් වූවක් වන අතර එය මෙරට සමාඟමක් විසින් කුලී පදනම මත ලබාගෙන තිබිණි. අනතුරට ලක්වන විට නෞකාවේ ඉන්ධන ටොන් 15 කට අධික ප්‍රමාණයක් තිබී ඇති අතර මේ වන විට එම ඉන්ධන ආරක්ෂාකාරීව ඉවත් කර ඇත.










