වරාය සේවකයෝ හෙටත් විරෝධතාවයක

වරාය සේවකයෝ හෙටත් විරෝධතාවයක

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පුද්ගලීකරණය කිරීමට ආණ්ඩුව ගෙන යමින් පවතින  ක‍්‍රියාමාර්ගවලට එරෙහිව කොළඹෙ වරායේ නැගෙනහිර පර්යන්තය රැක ගැනීමේ ජාතික ව්‍යාපාරය විසින් හෙට (25) දින උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කර ඇති බව එම සංවිධානය සඳහන් කරයි.

එහි කැඳවුම්කරු චන්ද්‍රසිරි මහගමගේ මහතා සඳහන් කරන්නේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පුද්ගලීකරණය කිරීමට එරෙහිව දැවැන්ත විරෝධතා උද්ඝෝෂණයක් හෙට දින දහවල් 12.00ට කොටුව ඛාණ් ඔරලොසු කණුව ඉදිරිපිටදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.

වරාය සේවක රැකියා 10,000කට හා ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් ගෙන දෙමින් ජාතික ආර්ථිකයට ප‍්‍රබල ප‍්‍රහාරයක් එල්ල කරනු ලබන ආණ්ඩුවේ ජනතා විරෝධි ක‍්‍රියාමාර්ග පරාජය කර මෙම ජාතික සම්පත කෙසේ හෝ ආරක්ෂා කර ගත යුතුව ඇති බවද  චන්ද්‍රසිරි මහගමගේ මහතා සඳහන් අවධාරණය කරයි.

Facebook
Twitter
LinkedIn