අලුත්ගම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී පාතාල කල්ලි නායක මාකඳුරේ මදූෂ් සහ කංජිපානි ඉම්රාන් යන අය සමඟ සමීප සබඳතා පවත්වා ඇති පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
ඊයේ(23) දින අලුත්ගම පොලිස් වසමේ අරුණළු ප්‍රදේශය, කුරුන්ද පාර, දර්ගානගරය යන ලිපිනයේ පදිංචි 36 හැවිරිදි ලන්තුවාහන්දි සංජීව පුෂ්ප කුමාර නැමති සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර මනුෂ්‍ය ඝාතනයන්ට ආධාර අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීම සම්බන්ධව සැකකරුට චෝදනා එල්ලවී ඇත.
සැකකරු සම්බන්ධ වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදුකරයි.
Views: 0









