මඩකලපුව ප්‍රදේශයේ මේ වනවිටත් ඉදිකරමින් පවතින රට තුළ මහත් ආන්දෝලනයකට ලක්ව තිබෙන “බැටික්ලෝ කැම්පස්” නැමති පුද්ගලික ආයතනය සම්බන්ධයෙන් දිනක විවාදයක් ලබා දෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණ අද (19) පැවති පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදී කරන ලද යෝජනාවක් අනුව එම විවාදය ලබා දීමට එකඟ වී තිබේ.
ඒ අනුව එම විවාදය ලබන අගෝස්තු මස 06 වනදා දිනක විවාදයක් ලෙස පැවැත්වීමට නියමිතය.
මඩකලපුව ප්‍රදේශයේ තවදුරටත් ඉදිකෙරෙමින් පවතින බැටික්ලෝ කැම්පස් පෞද්ගලික අධ්‍යාපන ආයතනය, නීතිවිරෝධී මෙන්ම ජාතික සමඟියට හා සංහිදියාවට බාධාවක් යැයි පසුගියදා ජනතා විමුක්ති පෙරමුණ විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා විසින් ප්‍රකාශ කරන ලදී.
Views: 0










