අනියම්, ආදේශක දුම්රිය සේවකයින් ස්ථිර නොකරන්නේ නම් වර්ජනයක්

අනියම්, ආදේශක දුම්රිය සේවකයින් ස්ථිර නොකරන්නේ නම් වර්ජනයක්

වසර 05 කට අධික කාලයක් දුමිරිය දෙපාර්තමේන්නතුවේ විවිධ අංශවල සේවය කරන 1500 පමණ වන අනියම්/ආදේශක, තාවකාලික හා කොන්ත‍්‍රාත් සේවකයින්, අදාල සේවාවල ස්ථීර නොකර, අළුතින් තවත් සේවක පිරිසක් බඳවා ගැනීමට මේ වනවිටත් කටයුතු කරමින් සිටින බවත් එය නතර නොකරන්නේ නම් සියලු දුම්රිය සේවකයින් සමග එක්ව වැඩවර්ජනයක් ක‍්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්.පී. විතානගේ මහතා අනතුරු අඟවයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ දැනට සේවය කරන ආදේශක, අනියම්, තාවකාලික හා කොන්ත‍්‍රාත් පදනමින් බඳවාගෙන ඇති සියළු සේවකයින් සේවයේ ස්ථීර කිිරීමෙන් පසු පවතින පුරප්පාඩු අනුව තවත් සේවකයින් බඳවාගන්නේ නම්, ඊට විරුද්ධ නොවන බවත් එසේ නොකර තවත් වතාවක් දුම්රිය දෙපාර්තමේන්තුවට දේශපාලන පත්වීම් ලබාදීමට කටයුතු කළහොත් එය තවත් දුම්රිය වැඩ වර්ජනයකට අත වැනීමක් බවද එම සන්ධානය පෙන්වා දෙයි.

එබැවින් මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීම සඳහා කඩිනම් සාකච්ඡාවක් ලබා දෙන ලෙස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගෙන් ඉල්ලීමක් ද කර ඇත.

දුම්රිය වෘත්තීය සමිති සන්ධානය මගින් නිකුත් කරන ලද නිවේදනය පහත දැක්වේ…

Facebook
Twitter
LinkedIn