බණ්ඩාරගම, අටළුගම ප්‍රදේශයේ මුස්ලිම් ජාතික කාන්තාවකට හින්සා කිරීමේ සිද්ධියේ සාක්ෂිකරුවන්ට බලපෑම් කරන ලදැයි පැවසෙන බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී මොහොමඩ් ඉමිතියාස් මෙම මස 25 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරීමට පානදුර මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කර තිබේ.
සිද්ධියට අදාලව අදාල මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබියදී බණ්ඩාරගම පොලීසිය විසින් ඔහු ඇප මත මුදාහැරීම සම්බන්ධව මහේස්ත්‍රාත්වරයා විසින් පොලීසිය දැඩි දෝශදර්ශනයට ලක්කර තිබේ.
මෙම සිද්ධියට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් 6 දෙනෙකු දැඩි ඇප කොන්දේසි යටතේ මුදා හැරීමටත් සැකකාර මන්ත්‍රීවරයා සම්බන්ධ විමර්ශන කටයුතු මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයට භාරදෙන ලෙසත් මහේස්ත්‍රාත්වරා නියෝග කර තිබේ.
Views: 0










