එල්.ටී.ටී.ඊ. ය වල දැමූ රත්රන් සෙවීමට සිදුකළ මෙහෙයුම පුස්සක්

එල්.ටී.ටී.ඊ. ය වල දැමූ රත්රන් සෙවීමට සිදුකළ මෙහෙයුම පුස්සක්

එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් වල දමන ලදැයි කියන රත්රන් තොගයක් සෙවීම සඳහා අධිකරණ නියෝගයක් මත පුදුකුඩිඉරිප්පු පොලිස් නිලධාරීන් විසින් ඊයේ(11) මුලතිව්, පුදුකුඩිඉරිප්පු, ශිවනගර් ප්‍රදේශයේ ගෙවත්තක ස්ථානයක් හාරා පරීක්ෂා කර තිබේ.

පසුගිය 27 වැනිදා අදාල ස්ථානයේ රත්රන් සොයමින් සිටි කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 14 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වූ අතර ඔවුන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු හෙලිකළ තොරතුරු අනුව අදාල ස්ථානය පරීක්ෂාකර තිබේ.

පදුකුඩිඉරිප්පු පොලීසිය, මුලතිව් මහේස්ත්‍රාත් අධිරණ නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහ බෝම්බ නිෂ්ක්‍රිය අංශයේ නිලධාරීන් විසින් මෙම කැනීම සිදුකර ඇති නමුත් අදාල ස්ථානයෙන් කිසිවක් හමුවී නොමැත.

යුධ සමයේ අවසන් කාලය තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් වල දමන ලදැයි කියන රත්රන් සහ ආයුධ සෙවීමට මේ වනවිට ස්ථාන ගණනාවකම කැනීම් සිදුකර තිබේ.

Facebook
Twitter
LinkedIn