පූජිතට හේමසිරිට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් අද සළකා බැලේ

පූජිතට හේමසිරිට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් අද සළකා බැලේ

පාස්කු ඉරුදින එල්ල වු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් මූලික අයිතීන් කඩකර ඇතියි චෝදනා කරමින් පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව ගොනු කර තිබෙන මුලික අයිතාවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (12) සළකා බැලීමට නියමිතය.

ඒ අනුව පසුගිය ජූලි මස 08 වනදා එම පෙත්සම් විභාගය සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් තමන්ගේ ප්‍රධානත්වයෙන් සිසිරද අබෲ, බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන ප්‍රසන්න ජයවැර්ධන, එල්.ටී.බී දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන සත් පුද්ගල විනිසුරු මඬුල්ලක් නම් කෙරුණි.

Facebook
Twitter
LinkedIn