හිස්බුල්ලාගෙන් පැය 05ක් FCIDය ප්‍රකාශ ලබාගෙන

හිස්බුල්ලාගෙන් පැය 05ක් FCIDය ප්‍රකාශ ලබාගෙන

නැගෙනහිර විශ්වවිද්‍යාලය ලෙස හඳුන්වන ආයතනය ඉදිකිරීම සදහා සෞදි ආරාබියෙන් රුපියල් කෝටි 300ට වැඩි මුදලක් ලැබුණු ආකාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාලව නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා ගෙන් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද (04) දින පැය 05කට අධික කාලයක් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කරගත් බව වාර්තා වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙසට හිස්බුල්ලා මහතාට එරෙහිව පොලිස් මුලස්ථානයට ලැබුණු පැමිණිල්ලක් විමර්ශන සඳහා පොලිස් මුල්‍ය අපරාධ විම්ශන කොට්ඨාසයට යොමු කර ඇති අතර පැමිණිල්ලට අදාලව මෙම ප‍්‍රශ්න කිරීම සිදුකළ බවද වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn