කාන්තාවකට හිරිහැර කිරීමට සම්බන්ධ අටලුගම 6ක් රක්ෂිත බන්ධනාගාරයට

කාන්තාවකට හිරිහැර කිරීමට සම්බන්ධ අටලුගම 6ක් රක්ෂිත බන්ධනාගාරයට

බණ්ඩාරගම අටලුගම ප‍්‍රදේශයේ කාන්තාවකට ලිංගික හිරිහැර සිදුකර පහර දී අඩත්තේට්ටම් කළැයි කියන සිද්ධියට අදාළ එම ප‍්‍රදේශයේ පුද්ගලයින් 06 දෙනෙකු ලබන 11 වැනිදා තෙත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පානදුර මහේස්ත‍්‍රාත් චන්දන කලංසූරිය මහතා අද (04) නියෝග කර තිබේ.

එමෙන්ම, මෙම සිද්ධියේ සාක්ෂිකරුවන්ට තර්ජනය කළැයි කියන බණ්ඩාරගම ප‍්‍රාදේශීය සභාවේ මන්ත්‍රී මොහොමඩ් ඉමිතියාස් නැමැත්තා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසද මහේස්ත‍්‍රාත්වරයා බණ්ඩාරගම පොලිසියට නියෝගයක් කර ඇත.

සිංහල ජාතික පුරුෂයකු සමඟ විවාහ වීම හේතුවෙන් ප‍්‍රදේශයේ මුස්ලිම් පල්ලියේ පිරිසක් තමන්ට අඩන්තේට්ටම් කර හිංසා කළැයි කියමින් ඉකුත් මාර්තු මස 03 වැනිදා මෙම පැමිණිල්ල බණ්ඩාරගම පොලිසිය වෙත සිදුකර තිබුණේ අබ්දුල් හසන් ෆාතිමා හයිෆා නැමැත්තිය විසින් ය.

Facebook
Twitter
LinkedIn