මරණ දණ්ඩනය නියමවී ඇති ප්රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවෙකු ලෙස සැළකෙන මොහොමඩ් සියාම් සහ ඔහුගේ බිරිඳ විසින්, මරණ දඬුවම ඇතුළු දඬුවම් ඉවත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම අද(4) අභියාචනාධිකරණය ප්රතික්ෂේප කර ඇති අතර ඔවුන්ට නියමකර තිබූ මරණ දඬුවම යලි තහවුරු කර තිබේ.
හෙරොයින් කිලෝ 23ක් ළඟ තබාගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාව යටතේ වරදකරුවන් වීම හේතුවෙන් මොහොමඩ් සියාම් නැමැත්තාට මරණ දඬුවම ද ඔහුගේ බිරිඳවන මුර්ෂිඩා සියම් නැමැත්තියට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්ද මහාධිකරණය විසින් නියම කර තිබේ. එම දඬුවම් ඉවත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම මගින් එසේ දඬුවම් ඉවත් කිරීමට තරම් ප්රමාණවත් කරුණු ඉදිරිපත් කර නොමැති බව සඳහන් කළ අභියාචනාධිකරණය අදාල පෙත්සම් නිෂ්ප්රභා කර තිබේ.
අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන කුමුදුනී වික්රමසිංහ සහ ජනක් ද සිල්වා යන විනිසුරු මඬුල්ල හමුවේ අදාල පෙත්සම කැඳවා තිබිණි.










