දුම්රිය වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන්

දුම්රිය වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන්

දුම්රිය වෘත්තීය සමිති සහ ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සමඟ අද(04) පස්වරුවේ සිදුකළ සාකච්ඡාවලින් ඇතිකරගත් එකඟතා මත වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.

රාජකාරි වේලාව තුළ බීමත්ව සිට වැඩ තහනමට ලක්වූ දුම්රිය වෘත්තීය සිමිති ලේකම්වරයෙකු, නැවත සේවයේ පිහිටුවන ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට සිදුකරන බලපෑම්වලට විරෝධය පලකිරීමට දුම්රිය වෘත්තීය සමිති ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වර්ජනයක් ඇරඹූහ. දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා මෙම බලපෑම් හේතුවෙන් සිය තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය ද පසුගිය දා බාර දී තිබිණි.

පසුව අද දහවල් දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ද අමාත්‍යාංශයට කැඳවා සාකච්ඡා පවත්වා තිබිණි.

පවත්වා ඇති සාකච්ඡාවලදී ඇතිකරගත් එකඟතා මත වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හැරීමටත් අද රාත්‍රී ධාවනය කිරිමට නියමිත තැපැල් දුම්රියන් හැකිතාක් ධාවනය කිරිමට කටයුතු කරන බවත් දුම්රිය වෘත්තීය සමිති පැවසීය.

එසේම බීමත්ව සිටි බව කියන වෘත්තීය සමිති ලේකම්වරයා සම්බන්ධව විනය පියවර ගන්නා බවත් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා නැවත සේවයේ පිහිටුවන බවත් අමාත්‍යවරයා ප්‍රකාශකර ඇත.

Facebook
Twitter
LinkedIn