විරෝධතාවයේ නිරත සමෘද්ධිය ලබාදීමේදී අසාධාරණයට පත් ජනතාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

විරෝධතාවයේ නිරත සමෘද්ධිය ලබාදීමේදී අසාධාරණයට පත් ජනතාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව සමෘද්ධි සහනාධාර බෙදාදීමේදී අසාධාරණයට පත්ව එම කාර්යාල පරිශ්‍රයේ ජල ටැංකිය මතට නැග විරෝධය පල කරමින් සිටින විරෝධතා කරුවන් පොලිසිය යොදවා අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පවතින බව සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

නව සමෘද්ධි සහනාධාර හිමිකම් ප‍්‍රධානය කිරීමේ උත්සවවලට සමගාමීව ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බල ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරී වසම් 31ක ඊයේ (03) පැවති සමෘද්ධි සහනාධාර හිමිකම් ප‍්‍රධානය කිරීමේ උත්සවයේදී ඇඹිලිපිටිය එ.ජා.ප. සංවිධායකවරයාගේ දේශපාලන බලය මත සුදුස්සන් හට සමෘද්ධි සහනාධාරය නොලැබීම හා මතුව ඇති ප‍්‍රශ්ණය විසදනවා වෙනුවට ආණ්ඩුව මෙලෙස උද්ඝෝෂකයින් පොලිස් අත්අඩංගුවට ගැනීමට පිඹුරුපත් සකස් කරමින් සිටින බව සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් චාමර මද්දුම කළුගේ මහතා අවධාරණය කරයි.

මෙලෙස අසාධාරණයට පත් ජනතාවගේ විරෝධතා සඳහා තම සංගමයේ පූර්ණ සහයෝගය පල කරන බවද චාමර මද්දුම කළුගේ මහතා මහතා වැඩිදුරටත් අවධාරණය කළේ ය.

Facebook
Twitter
LinkedIn