ලිබියාවේ පිහිටි සංක්‍රමණික රැඳවුම් කඳවුරකට එල්ලකළ මිලේච්ඡ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් 44 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 130 දෙනෙකු තුවාල ලබා තිබේ.
මේ සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලෙට් ප්‍රකාශ කර ඇත්තේ මෙය යුධ අපරාධ ගණයට වැටෙන ක්‍රියාවක් බවය.
එසේම මෙම ප්‍රහාරය සම්බන්ධව ස්වාධීන විමර්ශනයක් සිදුකරන ලෙස ද එක්සත් ජාතීන්ගේ සංවිධානය උපදෙස් ලබාදී තිබේ.
Views: 0










